අපගේ ඉතිහාසය
1924 සැප්තැම්බර් මස 8 වෙනි දින එවකට තැපැල්පති කාර්යාලයේත් ,ප්‍රධාන විදුලි පණිවුඩ කාර්යාලයේත් නිළධාරීන් පිරිසකගේ සුහද සාකච්ඡාවක ප්‍රතිඵපලයක් වශයෙන් 1924 සැප්තැම්බර් 12 වෙන දින තැපැල් හා විදුලි පණිවුඩ සුභ සාධක සංගමය බිහිවීවෙයි.
මෙහි තැපැල් යනු වත්මන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වන අතර විදුලි පණිවුඩ යන්න විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වන වත්මන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වේ.
1980 වන තුරුම මෙම අංශ දෙකෙහිම ප්‍රධාන බලධාරියා වුයේ තැපැල්පතිතුමාය.මේ දක්වාම තැපැල්පතිතුමා සංගමයේ අනුශාසක වරයා වේ .1924 දී ප්‍රථම අනුශාසකතුමා එවකට තැපැල්පතිව කටයුතු කල එම්. එස්
මුල් අවදියේදී මෙම සංගමය සාමාන්‍ය සමිතියක් ලෙස ගෙනයන ලදී.මෙම සමිතියේ ප්‍රධාන නිලධාරීන් සභාපති,ලේකම් හා භාණ්ඩාගාරික වූ අතර කාරක සභිකයින් 12 දෙනෙක්ද විය.මේ සියල්ල දැන් මෙන් නොව එදිනම යෝජනා ස්ථිරත්වයෙන් පත්වූවෝ විය.
එදා සිට මේවනතුරු 23 දෙනෙකු සංගමයේ සභාපති වශයෙන් කටයුතු කර ඇත.වැඩි වසර ගණනාවක් සභාපති ධූරය දරා ඇත්තේ ඩබ්.ඒ කබ්රාල් මහතාය.(1933 සිට 1948 දක්වා)ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කබ්රාල් දොස්තර මහතා ඉහත කබ්රාල් මහතාගේ පුතෙකි.1924 දී පත් වු ප්‍රථම සභාපතිවරයා ඒ. ඒ .අබේනායක මහතා වේ. ඔහු එවකට ප්‍රධාන විදුලි පණිවුඩ ස්ථානාධිපතිතුමා විය.(සී.ටී.එම්)ඔහු 1930 දක්වා සභාපති ධුරය ඉසිලීමෙන් පසු 1931 දී ආර් .ටී දිසානායක මහතා සභාපති ධූරයට පත්විය.
1924 සිට 1960 දක්වා ලේකම්වරු 13 දෙනෙක් හා භාණ්ඩාගාරිකවරු 17 ක් විය.1924 දී ප්‍රථම ලේකම්වරයා ඒ.ඒ පෙරේරා වන අතර ටී.ඒ එස් ජයසුන්දර මහතා භාණ්ඩාගාරිකතුමා ලෙස කටයුතු කරන ලදී.
1961 දී ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු දෙක වෙනුවට ලේකම් හා ගණකාධිකාරී යනුවෙන් එක් තනතුරක් ඇති විය.
1961 දී ප්‍රථම ලේකම් හා ගණකාධිකාරීවරයා වුයේ ඒ වයි. ආර් සොමදාස මහතාය.
1964 දී උප සභාපති තනතුරක්ද ඇතිවී 1976 දී උප සභාපතිවරු දෙදෙනෙක් වශයෙන් තනතුරු වර්ධනය විය.
සංගමයේ සාමාජිකත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමෙන් කෘත්‍ය විධායක තනතුරුද ක්‍රමයෙන් වැඩි විය.

1925 දී මෙම සංගමයේ ප්‍රථම මරණාධාරය සාමාජික එම්. ආර්. සාමි මහතා වෙනුවෙන් ගෙවන ලදී.ඔහු අප සංගමයේ මියගිය ප්‍රථම සාමාජිකයාද වේ ඉන් පසු 1925-26 වසර වලදී ආර් පෝල් පෙරේරා , එෆ් .ඩබ් චප්මන් , කේ රාජසේකරම් හා කේ.ඩී ඇන්තනී යන මහතුන් වෙනුවෙන් මරණාධාර මුදල් ගෙවා ඇත
.මෙම සංගමයේ ප්‍රථම විශ්‍රාමිකයා ගෙගරි ද සිල්වා මහතාය.ඒ 1926 මුල් භාගයේදීය.ඉන් අනතුරුව 1926 – 28 තුලදී එස් .එම් බැස්ටියන් ,පී චෙයතුරාජා ,පී එම් දාබරේ අප්පුහාමි.සහ ඩබ් ඩී ප්‍රනාන්දු යන මහතුන් විශ්‍රාම පරිතෝෂිත මුදල් ලබා ඇත.
ඉහත දැක්වූ මුල් සමයේ මරණාධාර සහ විශ්‍රාම පරිතෝෂික වශයෙන් ලබා දී ඇත්තේ රුපියල් 200 කටත් වඩා අඩු මුදලකි.එහෙත් එකල එය වැඩකටයුතු රැසකට වියදම් කලහැකි විශාල මුදලක් විය.මෙම සංගමයේ වැඩිපුර වාර ගණනක් රැස්වීම් පැවැත්වු කොළඹ කොටුවේ වයි. එම්. සී. ඒ ශාලාවේය.එවකට සෙනසුරාදා දිනය වැඩකරන දිනයක් වූයෙන් සියලුම රැස්වීම් පවත්වා ඇත්තේ රජයේ සේවක නිවාඩු දිනයක් වු ඉරිදා දින වලදී බව පැරණි වාර්ෂික වාර්තා වලින් හෙලිවේ.
එවකට සංගමයේ මුදල් ගණුදෙණු සදහා තෝරා ගනු ලැබුවේ IMPERIAL BANK OF INDIA බැංකුව වන අතර ස්ථිර තැන්පත් මුදල් EASTERN බැංකුවේ තැන්පත් කරන ලදී.මේ වන විට සංගමයේ වත්මන් පැරණිතම සාමාජිකයින් 5 දෙනා වනුයේ එච්.ඩී . ඊ විජේසුරිය,ජී.පී අබේරත්න ,වී තිරුචෙල්වම් ,පී ඒ කුමාරගේ සහ ඊ රාජවසම් යන මහතුන්ය.
විශ්‍රාමයෙන් පසු සාමාජිකත්වයේ රැදී සිටින ජේ්‍යෂ්ඪ සාමාජිකයින් 5 දෙනා වනුයේ එල් .එන් පෙරේරා,එම් .ජී ප්‍රේමදාස ,ජේ.පී.ද අල්විස් ,ජේ රත්නපාල සහ එස් .ටී.බී.වික්‍රමසිංහ යන මහතුන්ය.
සංගමයේ වැඩි වසර ගණනක් කෘත්‍ය විධායක කමිටු සාමාජිකයා වුයේ යූ.එල් බැසිල් ද සිල්වා මහතාය.ඔහු එදා ජාත්‍යන්තර තැපැල් විදුලි සංදේශ ජන මාධ්‍ය වානිජ හා කම්කරු ආයතනයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මාණ්ඩලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. මෙවන් ඉතිහාසයක් ඇති සංගමයක් දිගුකලක් කිසිදු ආරවුලකින් නඩු හබයකින් හා වංචාවකින් තොරව පවත්වාගෙන යාම අප සියලුදෙනාට ආඩම්බර විය හැකි කරුණකි.
එයට හේතුව වුයේ අවංක ක්‍රියාශීලී පාලක කමිටුවක් පත්කර ගැනීම සහ සාමාජිකයින් තුල සහ තිබූ සහ තිබෙන උද්යෝගය විශ්වාසය හා කැපවීමයි.
